තොරතුරු තාක්ෂණය සාක්ෂරතා දින වැඩසටහන

තොරතුරු සාක්ෂරතා දිනය නිමිත්තෙන් තොරතුරු තාක්ෂණය ආශ්‍රිත සාමාන්‍ය දැනුම පරීක්ෂා කිරීම සඳහා මාර්ගගත පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධව.

ඔක්තෝබර් මස 28 වෙනි දිනට යෙදෙන තොරතුරු තාක්ෂණ සාක්ෂරතා දිනය නිමිත්තෙන් සියලු ම මූලික/මහ පිරිවෙන්වල 04 ශ්‍රේණිය සහ පිරිවෙන් විද්‍යායතනවල 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් ස‍ඳහා තොරතුරු තාක්ෂණය ආශ්‍රිත සාමාන්‍ය දැනුම පරීක්ෂා කිරීම සඳහා මාර්ගගත පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.

දිනය

2022/10/28 වන සිකුරාදා

වේලාව

ප.ව. 1.00 සිට ප.ව. 2.00 දක්වා (අමතර කාලයක් ලබා දීම සිදු නොවේ)

සබැඳිය

www.piriven.gov.lk/piriven/it වෙබ් අඩවියෙන් ලබා ගත හැක

තොරතුරු තාක්ෂණය ආශ්‍රිත සාමන්‍ය දැනීම මාර්ගගත පරීක්ෂණයට අදාළ  විස්තර සහ කොන්දේසි

  • මූලික සහ මහ පිරිවෙන්වල 04 ශ්‍රේණියේ සහ පිරිවෙන් විද්‍යායතනවල 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන්ට මාර්ගගත පරීක්ෂණය සහා සහභාගි විය හැකි ය. (රජයේ විභාග සහා ඉදිරිපත් වන සිසුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බාධාවක්  නොවිය  යුතු  බැවින්  ඉහත  ශ්‍රේණි තෝරා ගෙන ඇත.)
  • එක් පිරිවෙනකින් අදාළ ශ්‍රේණියේ ඉගෙනුම ලබන එක් ශිෂ්‍යයෙකු හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් මාර්ගගත පරීක්ෂණය සහා ඉදිරිපත් කළ හැකි ය.
  • සන්නිවේදනය (Communication), සමාජ මාධ්‍ය (Social Media), බැංකු ගනුදෙනු (Banking), දෘඩාංග (Hardware components), ඩිජිටල් සේවා (Digital Services), මෙහෙයුම් පද්ධති (Operating System), ජාල (Network), අන්තර්ජාල සේවා (Online Services), ක්‍රීඩා (Gaming) සහ ක්ලවුඩ් පරිගණක සේවා (Cloud Computing services) යන මාතෘකා පදනම්ව තොරතුරු තාක්ෂණය ආශ්‍රිත සාමාන්‍ය දැනීම ප්‍රශ්න වලින් යුත් වරණ හතරක් සහිත බහුවරණ ප්‍රශ්න 40 කින් සමන්විත වන අතර ඒ සහා පිළිතුරු සැපයීමට පැය 01 ක කාලයක් ලබා දෙනු ඇත.
  • සෑම කලාපයකින් ම එක් අයෙකු වන පරිදි ජයග්‍රාහකයින් තෝරා ගෙන ඔවුන්ට සහතික පත්‍රයක් ලබා ලබා දෙනු ඇත.
  • එක් කලාපයකින් වැඩි ම සහ සම ලකුණු ලබා ගන්නා ජයග්‍රාහකයන් කිහිප දෙනෙකු සිටින විට ඔවුන් දෙවන අදියරේ මාර්ගගත පරීක්ෂණයකට යොමු කොට එක් ජයග්‍රාහකයෙකු තෝරා ගනු ඇත.
  • දිස්ත්‍රික් මට්ටමින් මාර්ගගත පරීක්ෂණයේ සංවිධාන කටයුතු පළාත් භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්), කලාප භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) සහ තොරතුරු තාක්ෂණය හා පුස්තකාල ගුරු උපදේශකවරුන් විසින් සිදු කළ යුතු ය.
  • මාර්ගගත පරීක්ෂණය සහා සිසුන් ඉදිරිපත් කිරීම සහ පහසුකම් සපයා දීමේ වගකීම පරිවේණාධිපති හිමියන් විසින් දැරිය යුතු ය.
  • මාර්ගගත පරීක්ෂණය සංවිධානය කිරීම, විභාගය පැවැත්වීම, ප්‍රතිඵල ඇගයීම සහ ජයග්‍රාහකයින් තෝරා ගැනීම යන කටයුතු වල අවසන් තීරණ ගැනීම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්- තොරතුරු තාක්ෂණය) ප්‍රධාන පිරිවෙන් තොරතුරු තාක්ෂණ අංශය මගින් සිදු කරනු ලැබේ.

විශේෂ

  • කිසිදු හේතුවකට අමතර කාලයක් ලබා දීම සිදු නොවේ.

විමසීම්

    • කේ.ඒ. බුද්ධික නීල් කුමාර 

    සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන් – තොරතුරු තාක්ෂණය)

    WhatsApp 0715712233

    buddhikaitd@gmail.com

  • ගුරු උපදේශක (පිරිවෙන් – තොරතුරු තාක්ෂණය හා පුස්තකාල)